නිදහස් ශ්‍රී ලංකාවේ 70 වැනි අයවැය එකසත් ජාතික පක්ෂය නොවැම්බර් 20 දින ඉදිරිපත් කළේය.මෙරට ඉතිහාසයේ ආණ්ඩු පෙරළි සිදුවීමට තරම් අය-වැය ලේඛන බලපෑ බව නොරහසකි.අය-වැයෙන් "සහන " සැලසේදැයි අපේක්ෂාසහගතව සිටීම කවදත් සිදුවිය.එහෙත් අය-වැය යනු හුදෙක් බදු මිල අඩු කරන,වැටුප් වැඩි කරන ලේඛනයකට වඩා රටේ ආර්ථිකය සැලසුම් සහගතව හසුරුවන කෙටි හා දිගුකාලින යෝජනා ඇතුලත් ලියවිල්ලකි.
2009 යුද්ධය අවසන් කිරීමට රාජපක්‍ෂ පාලනය සමත් වුවද අධිවේගී මාර්ග,මහා මාර්ග ,විශාල ඉදිකිරීම් වලින් ජනතාව ගිනිකන වැට්ටවීම හැර ආර්ථිකය ශක්තිමත් කිරීමට අන් යමක් කලේ නැත.
ලංකාවේ ජනගහණයෙන් 43% ගේ එක පුද්ගල ආදායම ඇ.ඩොලර් 2 කටත් අඩුය.රට ණය උගුලකට හසුවී ඇත.මිට පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ වගකිව යුතුවේ.2016 වන විට ඒක පුද්ගල ණය රු.474,957 කි.එක්සත් ජාතික පක්ෂයට සිදුවී ඇත්තේ ආර්ථික අර්බුදයේ කුරුස ගහට උරදිමටය.
රනිල් කියන්නේ අවාසනාවන්ත නායකයෙක්.හැම වෙලාවේම රටේ බලයට එන්නේ රට ආර්ථික අතින් අඩියට වැටුණු විටය.හැබැයි මේ කාටවත් පී.බී. ජයසුන්දරයි,රාජපක්‍ෂ පවුලයි ආර්ථිකයට කරලා ගිය වින්නැහිය තේරුම් ගොස් තිබුණේ නැත.රාජපක්‍ෂ හදිසි ජනාධිපතිවරණයකට ගියේ පී.බී. ගේ උපදෙස් මතය.පාරවල් හදපු කොන්ත්‍රාත්කාරයින්ට පමණක් නොව හමුදාවට මස මාංශ දෙන කොන්ත්‍රාත්කාරයටත් මාස 7,8 කින් සල්ලි ගෙවා නැත.පී.බී සල්ලි නැත කිවේ බොරුවට නොවේ.ඇත්තටය.මහා භාණ්ඩාගාරයේ සියල්ල වියදම් කලේ පී.බී ය .ඒ රාජපක්‍ෂ පවුලට ඕනෑ විදිහට චීනයේ එක්සිම් බැංකුවේ ගිනි පොළියට ගුවන් තොටුපළවල් ,වරාය වල් හදන්න ගොසින්ය.භාණ්ඩාගාරයේ සල්ලි හිස් වී ආර්ථිකය හොම්බෙන් යන්න වැටෙන කොට පී.බී. හදිසි ජනාධිපතිවරණයක් කැදවීමට රාජපක්‍ෂ ට කිවේය.
රාජපක්‍ෂ ජනාධිපතිවරණයට යෑමෙන් ජනාධිපතිකම නැති විය.හැබැයි ආර්ථිකය කෑවා කියන නරක නාමයෙන් බේරෙන්න පුළුවන් විය.
2001 රනිල්ට හම්බ වුණේ එවකටත් මුදල් අමාත්‍යංශයේ ලේකම් පී.බී. සෘණ කරපු ආර්ථිකයකි.රනිල් කිවේ මට කටු අත්තක මල් පුබුදන්නට සිදුවේ කියාය.රනිල් එය කළේය.සෘණ ආර්ථිකය ධන වෙලා හරි පාරට එද්දීම චන්ද්‍රිකා ආණ්ඩුව විසුරුවා හැරියාය.චන්ද්‍රිකා 2005 අය-වැයෙන් ජනතාවට සහන දුන්නේ රනිල් හදපු ආර්ථිකය නිසාය.2005 ජනාධිපති වූ පර්සි මහේන්ද්‍ර රාජපක්‍ෂ ට යුද්ධ කරන්න සල්ලි තිබුණේ රනිල් හදපු ආර්ථිකය නිසාය.
රාජපක්‍ෂ රටේ ආර්ථිකය චීනයේ එක්සිම් බැංකුවට උකස් කළේය.රාජපක්‍ෂ ජනාධිපතිවරණය දිනා 2016 අය-වැය ඉදිරිපත් කලා නම් ජනතාවට වෙන්නේ බඩ පටි තද කරගන්නටය.තමන් ආර්ථිකය ඝාතනය කරලා තිබෙන හැටි දන්නා රාජපක්‍ෂත් ඔහුගේ ගෝල බාලයනුත් හිතුවේ මෙවර අය-වැය මිනිසුන්ට පාන් කියා ගන්න බැරි අය-වැයක් වේය කියාය.එහෙත් මේ මාස කීපයට මෛත්‍රී-රනිල් සහ රවී ඝාතනය වූ ආර්ථිකයට පණ දුන්නේය.